• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් (40mg) වයල්ස් 17,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘදයාබාධ ඇති වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන මෙම එන්නත ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 7.82ක මුදලකට ඉන්දියාවෙහි Ms. Boehringer Ingelheim Ihdia (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.