• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී / පීඑච් ඊයූ ආර්, 20% මිලි ලීටර් 50 බෝතල් 300,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබන මෙම ඖෂධය ප්‍රසම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී / පීඑච් ඊයූ ආර්, 20% මිලි ලීටර් 50 බෝතල් 300,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 6.27ක මුදලකට ඉන්දියාවෙහි Ms. Reliance Life Science Pvt Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.