• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 අයියූ, මිලි ලීටර් 0.6 සිරින්ජර් 1,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් නම් ඖෂධය ප්‍රසම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 අයියූ, මිලි ලීටර් 0.6 සිරින්ජර් 1,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය වෛද්‍ය සැපයීමේ අංශය වෙත ගෙනවිත් භාරදීමේ මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 695ක මුදලකට Ms.Slim Pharmaceuticals (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.