• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානීය ජලයේ ඇති විෂ රසායන නැති කිරීම සඳහා වූ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට එළඹීම
- එක්සත් රාජධානියේ ජෛව තාක්ෂණ හා ජෛව විද්‍යා පර්යේෂණ කවුන්සිලය මඟින් මූල්‍ය ආධාර ලබා දෙන පර්යේෂණ ව්‍යාපෘතියට අදාළව එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පැතිරී යන වකුගඩු රෝගයට හේතු වී ඇතැයි සලකන පානීය ජල මූලාශ්‍ර දූෂණය වීම නිසා වර්ධනය වූ නීල හරිත ඇල්ගී වලින් නිකුත් කරන අධික විෂ සහිත Cyanotoxin නම් රසායනිකය නැති කිරීම සඳහා ස්වභාවික ජීවීන් භාවිතා කොට තැනිය හැකි මිලෙන් අඩු සෞඛ්‍යාරක්ෂිත ජෛවීය විසඳුමක් සොයා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. එකී ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානියේ ජෛව විද්‍යා පර්යේෂණ කවුන්සිලය මඟින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 0.3ක් ලබා දීමට යෝජිතය. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව අදාළ ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.