• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වික්ටෝරියා බලාගාරයෙහි ඒකක 01 සහ 02හි විදුලි උත්පාදක යන්ත්‍ර ස්ථායුක (Generator Stators) දෙකක් (02) සැලසුම් කිරීම, මිලදී ගැනීම, පරීක්ෂා කිරීම, සවිකිරීම් අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම
- මෙගාවොට් 70 බැගින් වූ ඒකක 03ක් සහිතව වික්ටෝරියා විදුලිබලාගාරය 1984 වර්ෂයේදී මෙගාවොට් 210ක් ස්ථාපිත ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇත. ඉදිරි වසර 30ක කාලය සඳහා එම බලාගාරයේ පහසු ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම පිණිස සිදු කළ යුතු නවීකරණයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා තාක්ෂණ කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් එම බලාගාරයෙහි ඒකක 01 සහ 02හි විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා ස්ථායුක (Generator Stators) දෙකක් (02) සවිකිරීම නිර්දේශ කර ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර සුදුසු ආයතනයක් තෝරාගැනීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.