• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් නව බස්රථ 200ක් මිල දී ගැනීම
- කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා දැනට පවතින බස් රථවලට වඩා මගී සුවපහසුව සහිත කෙටි දුර ධාවනය සඳහා උචිත බස් රථ 200ක් මිල දී ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, පත්ළ පහත් උසස් තත්ත්වයේ නව බස් රථ 200ක් මිලදී ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.