• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවුල් නීති පනත
- විවාහය, දික්කසාදය, වෙන්වීම සහ ඊට සම්බන්ධ ක්‍රියාපටිපාටිය 1907 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත්ව තිබේ. එම ආඥාපනතේ සඳහන් විධිවිධාන වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, පවුල් නීතිය පිළිබඳව වෙනත් රටවල ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් එම විෂය පිළිබඳව විශේෂඥ දැනුම සහිත කමිටුවක් මඟින් අධ්‍යයනය කර, දික්කසාදය, විවාහ ශුන්‍යතාව, වෙන්වීම, දික්කසාද දීමනාව, දරුවන්ගේ භාරකාරත්වය සහ දේපළ බෙදීයාම වැනි සියලුම ක්ෂේත්‍රයන් සඳහා සවිස්තරාත්මක පවුල් නීති පනතක් කෙටුම්පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.