• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
- 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා 2016 මැයි මස 10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත තවදුරටත් පහත සඳහන් විධිවිධාන ඇතුළත් කරමින් සංශෝධනය කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* තේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කාර්යයේදී වර්ග කිරීමෙන් අනතුරුව බැහැර කරනු ලබන තේ සඳහා 'ප්‍රතිසැකසුම් තේ' ලෙස නිර්වචනයක් එකී පනතට ඇතුළත් කිරීම.

* ප්‍රතිසැකසුම් තේ වලින් තවදුරටත් නිමි තේ නිස්සාරණය කළ පසු ඉතිරිවන කොටස 'ප්‍රතික්ෂේපිත තේ' ලෙස නම් කිරීම.

* තේ සැකසුම්කරුවන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළු ඔවුන්ට බලපාන නෛතික ප්‍රතිපාදන එකී පනතට ඇතුළත් කිරීම.