• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම
- දැනට බල පැවත්වෙන 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගතවීම හේතුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කඩිනම් සංවර්ධන කටයුතු සඳහා බාධා සිදු වී ඇත. එම පනතේ විධිවිධාන අනුගමනය කරමින් අත් කර ගනු ලබන ඉඩම් සඳහා වන්දි ගෙවීමේදී ඒකීය ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හා වන්දි ගෙවීම සඳහා විශාල කාලයක් වැය කළ යුතු වීම වැනි කරුණු ඒ අතුරින් ප්‍රධාන වේ. එබැවින්, ඉඩම් අත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය අවම කරමින්, සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමටත්, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමටත් හැකි වන පරිදි, එකී පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.