• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීනය තුළ මාර්ගගත හෝ මාර්ගගත නොවන වේදිකාවක් (Online or Offline Platform) හරහා සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අලෙවි කිරීම
- ප්‍රධාන වශයෙන් තේ ආනයන, අපනයන, නිෂ්කාශනයේදී අන්තර්ජාලය හරහා වෙළඳාම් කටයුතුවල නිරත වී සිටින බෙනී ටී ඉන්ඩස්ට්‍රි කම්පැණි ලිමිටඩ්හි පරිපාලිත සමාගමක් වන චීනයේ ෆූජියෑන් පළාතේ ස්ටාර්චයිනා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කම්පනි ලිමිටඩ් (Fujian Star China International Trade Company Ltd) හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අතර චීනය තුළ මාර්ගගත හෝ මාර්ගගත නොවන වේදිකාවක් හරහා සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අලෙවි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකා තේ චීනය තුළ සාම්ප්‍රදායිකව බෙදාහැරීමට අමතරව ශ්‍රී ලංකා තේ සන්නාම මාර්ගගතව ප්‍රවර්ධනය සහ විකිණීම සඳහා චීනයේ ගබඩා කිරීමේ හා භාරදීමේ ජාලයට සහාය වන පරිදි 5G මාර්ගගත විකුණුම් වේදිකාවක් ස්ථාපිත කිරීමට එකී අවබෝධතා ගිවිසුම යටතේ එම ආයතනය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, චීන තේ වෙළඳපොළේ පවතින විභව අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ගනිමින් මාර්ගගත සහ මාර්ගගත නොවන වේදිකාවක් හරහා සුපිරිසිදු සිලෝන් තේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ස්ටාර්චයිනා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කම්පනි ලිමිටඩ් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.