• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures)
- ලෝකයේ සීග්‍රයෙන් දියුණු වන මෝටර් රථ කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කිරීම සඳහා ඉහළ විභවතාවයක් පවතින අතර ඒ සඳහා දැනට ක්‍රියාත්මක නීතිරීති හා ක්‍රමවේද පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශයක අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, මෝටර් රථ කර්මාන්තයට අදාළ ක්‍රියාපටිපාටි පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර අදාළ රාජ්‍ය ආයතන සහ කර්මාන්තකරුවන්ගේ එකඟතාව‍ මෙන්ම විද්වතුන්ගේ ද සහාය ඇතිව "දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය ඇතුළත් යෝජිත සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය" සකස් කරනු ලැබ ඇත. එකී සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියේ අන්තර්ගත විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.