• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධන යටතේ පාවහන් ආනයනය සඳහා වන සෙස් බද්ද සංශෝධනය කිරීම සඳහා 2020 ඔක්තෝබර් මස 28 දිනැති ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඉන් අනතුරුව, එකී ගැසට් නිවේදනය යටතේ වන විධිවිධාන තවදුරටත් සංශෝධනය කිරීමට සහ තවත් භාණ්ඩ කිහිපයක් සඳහා වන සෙස් බද්ද සංශෝධනය කිරීමට 2020 ඔක්තෝබර් මස 29 දිනැති ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එකී ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.