• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තුළ අධි රුධිර පීඩනය වැලැක්වීම සහ පාලනය කිරීම වැඩි දියුණු කිරීම සඳහා වන බහුවිධ මැදිහත් වීම" නමැති පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- දිනකට නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගන්නා ලුණු පරිභෝජනය කිරීම අධි රුධිර පීඩනය ඇතුළු කන්තුකවාහිනී රෝග (cardiovascular diseases) සඳහා හේතු‍ වේ. ප්‍රාථමික සත්කාරක සේවාවන් සැපයීමේදී කන්තුකවාහිනී රෝග හඳුනාගැනීම සහ පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වර්තමානයේදී WHO-PEN පැකේජය භාවිත කරනු ලබන අතර එම පැකේජයේම දිගුවක් වශයෙන් මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් HEARTS පැකේජය හඳුන්වා දී තිබේ. එම පැකේජයට මාරු වීමේදී අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා වන නියමාවලියක් යොදා ගැනීම, අවශ්‍ය තාක්ෂණයන් වැඩි දියුණු කිරීම, ප්‍රතිකාර කිරීම සඳහා වන විශේෂ රීතින් සකස් කිරීම, කාර්යමණ්ඩලය පුහුණු කිරීම, පුහුණු අත්පොත් සකස් කිරීම, සෞඛ්‍ය තොරතුරු පද්ධති යාවත්කාලීන කිරීම මෙන්ම නිවසේදී ලුණු භාවිතය අඩු කර ගැනීම සඳහා සන්නිවේදන වැඩ පිළිවෙලක් මඟින් අවශ්‍ය දැනුම ලබා දීම වැනි කාර්යයන් ගණනාවක් සපුරාගත යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් පර්යේෂණ ප්‍රදානයක් වශයෙන් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් වන Resolve to Save Lives නමැති සංවිධානය වෙතින් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදානය යටතේ අදාළ පර්යේෂණ කටයුතු සිදු කිරීම පිණිස Vital Strategies නැමති ආයතනය සමඟ ගිවිසුමකට එළඹිය යුතුය. ඒ අනුව, "ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තුළ අධි රුධිර පීඩනය වැළැක්වීම සහ පාලනය කිරීම වැඩිදියුණු කිරීම සඳහා වන බහුවිධ මැදිහත් වීම" නමැති පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ගිවිසුමට එළඹීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.