• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු පාසල් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් වෙන් කර ගැනීම
- දැනට පවතින වතු පාසල් අතුරින් දිස්ත්‍රික්ක 07 කට අයත් වතු පාසල් 354ක් වැඩි දියුණු කිරීම සඳහා අදාළ පාසල්වලට ආසන්නව පිහිටි, වැවිලි සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් අඩු වගා ඵලදායීතාවක් සහිත ඉඩම්වලින් උපරිම වශයෙන් අක්කර 02ක් දක්වා එම පාසල් සඳහා වෙන් කර දීමට 2018 අප්‍රේල් මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. එම පාසල්වලට අමතරව තවත් වතු පාසල් 491ක් පවතින අතර, එම පාසල් සඳහා ද අවශ්‍යතාව අනුව උපරිම වශයෙන් ඉඩම් අක්කර 02 බැගින් වෙන් කර ගත යුතුව ඇත. ඒ අනුව, එකී පාසල් සඳහා වැවිලි සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් කොටස් වෙන් කර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.