• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව දීර්ඝ කිරීම
- කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්යසාධක බලකායේ රැස්වීමකදී, සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම, සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන අයුරින් සමානුපාතිකව අවස්ථාව ලබා දීම, සේවකයින් නිවෙස්වල රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/-ක මුදලින් වඩා වාසිදායක මුදල ලබා දීම සහ එම වැටුප සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යනාදී සහන 2020 දෙසැම්බර් මස 31 දින දක්වා ලබා දීමට එකඟතාවන් ඇති කරගෙන ඇත.

කොවිඩ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ හා ගුවන් සීමා පැනවීම මත සංචාරක ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ද සැලකිල්ලට ගෙන, එම ක්ෂේත්‍රයේ අදාළ ආයතනවලට සහ කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අනෙකුත් ක්ෂේත්‍රයන්ට අදාළ ආයතනයන් සඳහා ද ඉහත සඳහන් සහනයන් තවදුරටත් 2021 මාර්තු මාසයේ අවසානය දක්වා දීර්ඝ කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.