• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් අන්‍යොන්‍ය පදනමින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ පුරවැසියන්හට අදාළ අනෙක් රට වෙත අන්‍යොන්‍ය පදනමින් ගමනාගමනයට පහසුකම් සැපයීමේ සහ දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් අන්‍යොන්‍ය පදනමින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.