• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතන සමඟ මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන
- 2002 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වන විට බිම්වෙඩි ඉවත් කිරීමේ කටයුතු සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන 02 ක් සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන 02 ක් සහභාගි වේ. ඊට අමතරව, ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය ද එම කටයුතුවල නිරත වේ. බිම්වෙඩි ඉවත් කිරීමේ කාර්යයන්හි නිරත සංවිධාන අධීක්ෂණය කිරීම හා මග පෙන්වීම ජාතික බිම්වෙඩි ක්‍රියාකාරි මධ්‍යස්ථානය විසින් ඉටු කරනු ලබයි. මේ දක්වා වර්ග කිලෝමීටර 197.66ක බිම් වෙඩි ඉවත් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර, තවදුරටත් වර්ග කිලෝමීටර 15.39ක කටයුතු අවසන් කළ යුතුව ඇත. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික බිම්වෙඩි ක්‍රියාකාරී මධ්‍යස්ථානය, බිම්වෙඩි ඉවත් කිරීමේ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමඟ වාර්ෂිකව අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන අතර 2023 වර්ෂය දක්වා එකී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අදාළව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.