• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020-11-29 වන දින මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ සවිස්තර වාර්තාව
- මහර බන්ධනාගාරය තුළ 2020 නොවැම්බර් මස 29 වන දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එකී කමිටු වාර්තාව මඟින් බන්ධනාගාර තදබදය වැළැක්වීම, රැඳවියන්ගේ සුබසාධනය සහ බන්ධනාගාර පරිපාලනය යන ප්‍රධාන කරුණු 03ක් යටතේ නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද එකී වාර්තාවෙහි ඇතුළත් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.