• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020/21 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- ජනවාරි මස දෙවන සතියේ සිට 2020/21 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිත බැවින් වී සඳහා අනපේක්ෂිත මිල පහළ යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිල දී ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි 2020/21 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ප්‍රමිතිගත නාඩු වී, තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50.00 බැගින් ද, තෙතමනය 14%-22% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 44.00 බැගින් ද මිල දී ගැනීම.

* ප්‍රමිතිගත සම්බා වී, තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52.00 බැගින් ද, තෙතමනය 14%-22% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 46.00 බැගින් ද මිල දී ගැනීම.

* පොහොර සහනාධාරය ලබන සුළු හා මහා වාරිමාර්ගවල ගොවීන්ගෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව අවම වශයෙන්, හෙක්ටයාර 1-1.5 අතර වන ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1,000 බැගින් ද හෙක්ටයාර 1.5ට වැඩි සහ 2 දක්වා ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1,500 බැගින් ද වී අලෙවි මණ්ඩලය මඟින් මිල දී ගැනීම.