• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභා නීතිය
- "සෞභාග්‍යයේ දැක්ම" වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වන අයුරින් කොළඹ වරාය නගරය ඉන්දියානු උප මහාද්වීපයට සහ ගිණිකොනදිග ආසියාවට සේවා සපයනු ලබන, පුළුල් විෂය පරාසයක් සහිත විශේෂිත ආර්ථික කලාපයක් සහ සේවා ආර්ථිකයක් ඉලක්ක කරගත් විශිෂ්ට කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ සඳහා මනා ව්‍යූහගත හා තරගකාරී නෛතික, බදු හා නියාමන සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් තුළින් ආයෝජකයින්, ව්‍යවසායකයින්, නවෝත්පාදකයින්, සමාගම්, මූල්‍ය ආයතන ආකර්ශනය කර ගනිමින් ඩුබායි, සිංගප්පූරුව, හොංකොං වැනි ආයෝජන කේන්ද්‍රස්ථානයන් හා තරගකාරීව කටයුතු කළ හැකි වන පරිදි පහසුකම් සපයන සක්‍රීය පරිසරයක් නිර්මාණය කළ යුතුව ඇත. ඒ අනුව, ජාතික අවශ්‍යතා සහ ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට හැකි වන අයුරින්, රජය අපේක්ෂා කරනු ලබන ව්‍යූහයට ගැළපෙන පරිදි කොළඹ වරාය කොමිෂන් සභා නීතිය කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.