• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'2020 ජාතික මැණික් හා ස්වර්ණාභරණ (මැණික් ගැරීමේ බලපත්‍ර) නියෝග' ප්‍රකාශයට පත් කිරීම
- 1971 අංක 3 දරන රජයේ මැණික් නීතිගත සංස්ථා පනතේ විධිවිධාන යටතේ පනවා ඇති රජයේ මැණික් නීතිගත සංස්ථා අතුරු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මැණික් කර්මාන්තය සඳහා බලපත්‍රයක් ලබා ගත හැක්කේ නිරවුල් සහ තනි පුද්ගල අයිතිය සහ/හෝ සින්නක්කර අයිතිය ඇති ඉඩම් සඳහා පමණි. ඒ අනුව, මැණික් ගැරීම සඳහා යම් ඉඩමක් බදු පදනම මත ලබා ගන්නා ගැනුම්කරුවෙකුට මැණික් ගැරීමේ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැත. කෙසේ වුවද, ඉදිරිපත් කරන අයදුම්පත් අතුරින් 20%ක් පමණ හවුල් අයිතිවාසිකම් හෝ බදු අයිතිය සහිත ඉඩම් සඳහා වන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එවැනි අයදුම්කරුවන්ට ද බලපත්‍ර නිකුත් කිරීමට හැකි වන පරිදි 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ පනතේ විධිවිධාන අනුව අංක 2165/1 දරන 2020 මාර්තු මස 02 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් කර්මාන්ත අමාත්‍යතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.