• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාප සහ දකුණු පළාතේ කර්මාන්ත සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
- 1991 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන පරිදි කර්මාන්ත කලාප/විද්‍යා උද්‍යාන පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් හැකියාව පවතී. දකුණු පළාතේ මෑතකදී සිදු කරන ලද යටිතල පහසුකම් ආශ්‍රිතව කර්මාන්ත කලාප කිහිපයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. එම කර්මාන්ත කලාපවල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයින්ට අවශ්‍ය අනුමැතීන් හා පහසුකම් එක් ස්ථානයකදී සලසා දීමට හැකි වන පරිදි හම්බන්තොට වරාය ආශ්‍රිතව සුහුරු ක්‍රමවේදයන් සහිත මධ්‍යස්ථානයක් (Smart One Stop Shop) අදාළ සියලුම ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විතව ස්ථාපිත කිරීමටත්, එම කාර්යාලයේ කටයුතු කර්මාන්ත අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ දකුණු පළාත් ප්‍රාදේශීය කර්මාන්ත මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කිරීමටත්, කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.