• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම
- 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පසුගිය වසර 38ක කාලසීමාව තුළ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත. වර්තමානයේ ක්‍රියාත්මක වන දැඩි මා‍ධ්‍ය තරගකාරීත්වයට මුහුණ දෙමින් ඊට ගැළපෙන පරිදි කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තීරණ ගැනීමේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇති සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, දැනට 07 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාර නියෝජිතයෙකු සහ විෂය භාර රේඛීය අමාත්‍යාංශ ලේකම් හෝ ඔහු විසින් පත් කරනු ලබන එම අමාත්‍යාංශයේ වෙනත් නියෝජිතයෙකු ද පත් කිරීමට හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංඛ්‍යාව 09 දෙනෙක් දක්වා වැඩි කිරීමට හැකි වන අයුරින් එම පනත සංශෝධනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.