• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
- රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන "රට හදන සෞභාග්‍යයේ දැක්ම" තුළ අන්තර්ගත රාජ්‍ය ප්‍රතිපත්තිය, එමඟින් අත් කරගැනීමට අපේක්ෂිත සංවර්ධන උපායමාර්ග හා ඒවායේ සැබෑ ප්‍රගතිය ජනතාව වෙත සන්නිවේදනය කිරීම නිසි පරිදි සිදු නොවන බව පෙනී ගොස් ඇත. එබැවින්, රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ "ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය" නමින් ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.