• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දේශපාලන උපදේශක යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන, ආරක්ෂක, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, සමාජයීය, පුද්ගලාන්තර සබඳතා, මානව සම්පත් සංවර්ධන සහ පොදුවේ උනන්දුවක් දක්වන අනෙකුත් අංශ ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම යෝජනා වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර එකී ගිවිසුමට එළඹීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.