• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"e-තක්සලාව" ජාතික නිල ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය වශයෙන් පිළිගැනීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත (Online) වැඩසටහනක් වශයෙන් "e-තක්සලාව" වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලැබ ඇත. මෙම වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයන්ට අදාළව පෙළ පොත්, විෂය නිර්දේශ, ඉගෙනුම් අන්තර්ගතයන්, විඩියෝ පාඩම්, ප්‍රශ්න පත්‍ර, බහුවරණ ප්‍රශ්න වැනි ඉගෙනුම් සම්පත් සිසු දරුවන්ට පරිශීලනය කිරීමට හැකියාව ඇත. ඒ අනුව, "e-තක්සලාව" මාර්ගගත වැඩසටහන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිල ඉගෙනුම් මාර්ගගත පද්ධතිය වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.