• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය හමුවේ භාණ්ඩ ආනයනය කිරීම විධිමත් කිරීම පිණිස පත් කරන ලද තීරු බදු නිර්ණය කිරීමේ කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අදාළ රෙගුලාසි පැනවීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන දෙකක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.