• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිරිස්සේ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ උසස් පුහුණු හා පරිපාලන කටයුතු සඳහා සහ වෙරළ ආරක්ෂක නාවිකයින්ගේ නේවාසික අවශ්‍යතා සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
- ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව මහල් 4කින් සමන්විත උසස් පුහුණු හා පරිපාලන ගොඩනැගිල්ලක් සහ රාජකාරි කටයුතුවල සහ පුහුණු කටයුතුවල නිරත වෙරළ ආරක්ෂක නාවිකයින්ට නවාතැන් පහසුකම් සැලසීම සඳහා මහල් 5කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති නමුත් ඉන් අනතුරුව අදාළ ඉඩම ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය වෙත පවරා දීමට තීරණය කිරීම හේතුවෙන් එකී ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇත. එහෙත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් එකී ඉඩමේ කිසිදු සංවර්ධන කටයුත්තක් මේ දක්වා ආරම්භ කර නොමැති අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු සඳහා එකී ගොඩනැගිලි කඩිනමින් ඉදි කළ යුතුව ඇත. ඒ අනුව, එම ගොඩනැගිලි දෙකෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී