• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රත්මලාන වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම
- විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළවල් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් 2020 දෙසැම්බර් මස 26 දින සිට 2021 ජනවාරි මස 19 වන දින දක්වා සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුගමනය කරමින් විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළවල් විවෘත කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගනු ලැබ ඇත. ඒ අනුව, සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සකස් කරනු ලබන විශේෂිත කාලසටහන්වලට අනුකූලව ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙහෙයුම් කටයුතුවල නිරත වීමට නියමිතය. මේ වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදය හමුවේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙරටට සිදු කරනු ලබන ගුවන් යානා මෙහෙයුම් දිරි ගැන්වීම සඳහා එම ගුවන් සමාගම්වලින් අය කළ යුතු ගොඩ බෑමේ හා නවතා තැබීමේ ගාස්තු 2020 දෙසැම්බර් මස 26 දින සිට 2021 ජනවාරි මස 19 වන දින දක්වා කාල සීමාව තුළ නිදහස් කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.