• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම
- 2021 වර්ෂයට අදාළව ත්‍රිවිධ හමුදාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2021 වර්ෂයේ ත්‍රිවිධ හමුදාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තු, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.