• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ පියස ව්‍යාපෘතිය
- මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා 2021 වර්ෂයේ අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, 2021 වර්ෂය ආරම්භයේදීම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට හැකි වන අයුරින්, පහත සඳහන් පරිදි කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * ව්‍යාපෘතියේ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම.

* ව්‍යාපෘතිය උප ව්‍යාපෘතින් 04ක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ එහි පළමු උප ව්‍යාපෘතිය වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නිවාස අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ මිල ගණන් නිර්දේශයට යටත්ව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම.

* ව්‍යාපෘතියේ ඉතිරි උප ව්‍යාපෘති 03 සඳහා තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කර කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම.