• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික තරුණ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- තරුණ ප්‍රජාවගේ සංවර්ධනය ඉලක්ක කර ගත් ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී අනෝන්‍ය වශයෙන් ඵලදායී හා දිගුකාලීන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා තරුණ සංවර්ධනයට අදාළව පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තජිකිස්ථාන් ජනරජය අතර තරුණ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර තරුණ සංවර්ධනයට අදාළව අවබෝධතා ගිවිසුම.