• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර කර්මාන්ත උද්‍යානය පුළුල් කිරීම
- 1994 වර්ෂයේදී ආරම්භ කර ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මහනුවර කර්මාන්ත උද්‍යානය අක්කර 195කින් සමන්විත වන අතර, ඒ අතුරින් කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 120ක් පමණ වේ. එම ඉඩම් කොටස් මේ වන විට කර්මාන්ත 26ක් සඳහා වෙන් කර දී ඇත. මෙම කර්මාන්ත උද්‍යානයට ආසන්නව පිහිටි රජයට අයත් හෙක්ටයාර් 5.65ක භූමි ප්‍රමාණයක් කර්මාන්ත උද්‍යානය පුළුල් කිරීම සඳහා යොදා ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එකී ඉඩම් කොටස නිදහස් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා දීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.