• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ක්‍රියාත්මක වූ අවබෝධතා ගිවිසුම 2017 වර්ෂයේදී අවසන් වී ඇති අතර, 2018 වර්ෂයේදී පවත්වන ලද ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු හවුල්කාරිත්ව සංසදයේ හය වන සැසිවාරයේදී දෙපාර්ශ්වය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ නව අ‍වබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.