• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර පරිසර කළමනාකරණය පිණිස අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම
- "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව තිරසර පරිසර ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කිරීම පරිසර අමාත්‍යාංශය ඇතුළු පරිසර විෂය හා බැඳුනු අමාත්‍යාංශ හා ආයතනවල ප්‍රමුඛ වගකීම වේ. එම කාර්යය ඉටු කිරීමේදී මෙන්ම ජනතාව දැනුම්වත් කිරීම සඳහාත් මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහාත් පරිසර විෂය හා සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. ඒ අනුව, අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල සහභාගිත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.