• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යූරියා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
- ශ්‍රී ලංකාවේ වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 340,000ක් පමණ වන අතර, දැනට එම මුළු ප්‍රමාණයම විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. 2019 වර්ෂයේදී යූරියා පොහොර ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 26ක මුදලක් වැය කර ඇත. ශ්‍රී ලංකාව තුළ යූරියා පොහොර නිෂ්පාදනය කිරීම තුළින් ඒ සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව පවතින අතර, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් ඒ සඳහා අවධානය යොමු කර තිබේ. ඒ අනුව, කර්මාන්ත අමාත්‍යතුමා විසින් මෙරට යූරියා පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, එම ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.