• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
- 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ සඳහන් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී බලයලත් නිලධාරින්ට සිදු වන බාධා කිරීම් සඳහා පැනවිය හැකි දඬුවම් ඉහළ නැංවීමට හැකි වන පරිදි, එම පනතට සංශෝධන සිදු කිරීම සඳහා 2016 අප්‍රේල් මස 26 දින ද, නීති විරෝධී ක්‍රියාවන් නියාමනය කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා 2019 ජුලි මස 07 දින ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, යෝජිත සංශෝධනයන් සඳහා එක් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.