• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙ‍ෙළඳ ප්‍රතිකර්ම නීති බලාත්මක කිරීම
- දේශීය කර්මාන්තවලට බලපෑමක් සිදු කළ හැකි අසාධාරණ වෙ‍ෙළඳ භාවිතයන්ට හා දේශීය කර්මාන්තවලට හානි සිදුවිය හැකි ආකාරයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත බලාත්මක කර ඇත. එකී පනත් ක්‍රියාත්මක කිරීමේ දිනය විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් මඟින් නිවේදනය කළ යුතු අතර, ඒ අනුව එකී පනත් 2020 ඔක්තෝබර් මස 19 දින සිට ක්‍රියාත්මක වන බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව, දේශීය කර්මාන්තයන්ට මුහුණ පෑමට සිදු විය හැකි අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස එකී පනත් දෙක යටතේ අවශ්‍ය පියවර ගැනීමේ නිසි බලධරයා වශයෙන් වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කිරීමට හැකියාව පවතින බවට වෙ‍ෙළඳ අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.