• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා 'වොල්බැකියා' බැක්ටීරියාව භාවිත කර පවත්වනු ලබන නියමු ව්‍යාපෘතිය සම්බන්ධ හවුල්කාරිත්ව ගිවිසුම යාවත්කාලීන කිරීම
- නව ජීව විද්‍යාත්මක පාලන ක්‍රම මඟින් මදුරුවන් හරහා බෝවන රෝග වන ඩෙංඟු, සිකා, චිකුන්ගුන්‍ය සහ කහ උණ වැනි රෝගවලින් ගෝලීය ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් "ලෝක මදුරු වැඩසටහන" යනුවෙන් ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ ඩෙංඟු රෝගය පතුරුවන ඊඩිස් මදුරුවා තුළ වෛරසය ප්‍රතිගුණනය වීම අඩු කර ඩෙංඟු වෛරසය පැතිරීම අවම කිරීම සඳහා " වොල්බැකියා" බැක්ටීරියාව හඳුන්වා දී ඇත. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශවල සහ කොළඹ නගර සභා ප්‍රදේශයේ තෝරාගත් කොට්ඨාසයක එම බැක්ටීරියාව පාවිච්චි කිරීම සඳහා 2018 ජනවාරි මස 09 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා මොනෑෂ් විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹ ඇති අතර, එහි වලංගු කාලය මේ වන විට අවසන් වී ඇති බැවින්, එම වැඩසටහනෙහි අධීක්ෂණ සහ ඇගයීම් කටයුතු 2021 දක්වා අඛණ්ඩව කර ගෙන යාමට හැකිවනු පිණිස එකී සහයෝගිතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.