• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය - 2020-2030
- මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මඟින් මානසික රෝගාබාධ වැළැක්වීම, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රජාව තුළ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සදහා වන උපායමාර්ගික රාමුව සපයා දෙනු ලබයි. මීට පෙර පැවති ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2005 වර්ෂයේදී සකස් කර ඇති අතර, එය වසර 10ක් පුරා ක්‍රියාත්මක වී ඇති නමුදු වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් එකී උපායමාර්ගවල ප්‍රගතිය සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම පිණිස යාවත්කාලීන කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, නායකත්වය සහ පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීම, පුළුල් මානසික සෞඛ්‍ය සේවාවන් සැපයීම, මානව සම්පත් සංවර්ධනය හා ප්‍රජාව සවිබල ගැන්වීම යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ඇති අතර එකී ප්‍රතිපත්තිය 2020-2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.