• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිංගිරිය දේවගිරි රජමහා විහාරය පූජා භූමිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ ‍ෙඑතිහාසික පසුබිම ක්‍රි.පූ. 204-207 කාලය දක්වා පැතිර පවතින අතර, එම විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් නටඹුන් රාශියක් හඳුනාගෙන ඇත. 2018 වර්ෂයේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව මෙම විහාර භූමිය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ ඇතැම් සංවර්ධන කටයුතු එම දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය මත බුද්ධශාසන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව, එම සංවර්ධන සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස "බිංගිරිය දේවගිරි රජමහා විහාරය පූජා භූමි ප්‍රදේශය" 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන පරිදි ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.