• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොලවෙනිගම රජමහා විහාරය පූජා භූමිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම
- මාතර, කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොලවෙනිගම රජමහා විහාරය අවුරුදු 400කට වඩා පැරැණි චෛත්‍යයක් හා පැරැණි බෝමළුවක් සහිත ‍ඓතිහාසික වටිනාකම් පිළිබිඹු කෙරෙන තවත් සාධක ගණනාවකින් සමන්විත වේ. 1931 අංක 19 දරන බෞද්ධ දේවාලගම් ආඥාපනතේ 4(11) වගන්තිය යටතේ පාලනය වන අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම විහාරස්ථානයෙහි හඳුනා නොගත් ඓතිහාසික වටිනාකම් සහිත දෑ පිළිබඳව සොයා බැලීමේ අවශ්‍යතාවක් පවතී. ඒ අනුව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් එම රජමහා විහාරය සංරක්ෂණය කිරීමට හැකි වන පරිදි සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ අනුව කටයුතු කිරීම සඳහා "කොලවෙනිගම රජමහා විහාරය පූජා භූමි ප්‍රදේශය" 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන පරිදි ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.