• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් කාර්යාල සංකීර්ණයක් සඳහා සබරගමුව පළාත් සභාව වෙත බැහැර කිරීම
- රත්නපුර, නව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අක්කර 348කින් යුත් රත්නපුර පිහිටි ෆාම් ගාර්ඩ්න් ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගෙන ඇත. සබරගමුව පළාත් සභා කාර්යාල සංකීර්ණය සඳහා ඉඩම් කොටසක් ලබා දෙන ලෙස සබරගමු පළාත් ප්‍රධාන ලේකම් විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් නියම කරනු ලබන තක්සේරු වටිනාකම ගෙවීමට යටත්ව, ෆාම් ගාර්ඩ්න් ඉඩමෙන් අක්කර 04 රූඩ් 02ක ඉඩම් කොටසක් වසර 50 කාලසීමාවක් සඳහා බදු පදනම මත සබරගමු පළාත් සභාව වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.