• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අධිකරණ අංශයට සහාය වීමේ ව්‍යාපෘතිය
- සේවා සැපයීමේ ගුණාත්මකභාවය හා සේවා ලබාගැනීම සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ වැඩිදියුණු කළ ප්‍රතිචාරාත්මක යුක්තිය පසිඳලීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන "ශ්‍රී ලංකාවේ අධිකරණ අංශයට සහාය වීමේ ව්‍යාපෘතිය" නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 18ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇත. එම ව්‍යාපෘතිය අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මුළු ඇස්තමේන්තුගත පිරිවැය යූරෝ මිලියන 19.27ක් වේ. යුරෝපා සංගමය විසින් ලබා දෙනු ලබන ප්‍රතිපාදනවලට අතිරේකව ඉතිරි මුදල එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන විසින් සලසා දෙනු ලැබේ. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.