• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම
- මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පිළිබඳව ආසියාවේ ප්‍රමුඛ අලෙවි මධ්‍යස්ථාන වන බැංකොක් හා හොංකොං නගරවල මෙන් අලෙවිකරුවන්ට හා ගැනුම්කරුවන්ට අවශ්‍ය පහසුකම්, ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සැපයීමේ පහසුකම්, බැංකු සේවා හ‍ා අපනයන සේවා වැනි සියලු සේවාවන් හා පහසුකම් එකම වහලක් යටතේ ‍සැපයීමට හැකි වන පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අරමුදල් ආයෝජනය කර රත්නපු‍ර දෙමුවාව‍ෙතහි ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එහි පළමු අදියර වශයෙන් රත්නපු‍ර දෙමුවාවතෙහි පිහිටි පර්චස් 22ක ඉඩම් කොටසක මහල් 05කින් යුත් වර්ග අඩි 17,550ක ඉඩ ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 365ක පිරිවැයකින් ඉදිකිරීමටත්, දෙවන අදියර යටතේ ඊට යාව පිහිටි ඉඩම් කොටසක් අත්පත් කරගෙන මහල් 14කින් සමන්විත නවීන පන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ යෝජිත ගොඩනැගිල්ල සැලසුම් කර ඉදි කිරී‍ෙම් පදනම මත සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.