• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම (කේවියට් තහනම)
- කේවියට් තහනමක් සහිත ඉඩමක් වර්තමානයේදී කිසිදු ගැනුම්කරුවෙකු විසින් මිල දී ගනු නොලබන අතර, එවැනි ඉඩමක් ණය දෙන ආයතන විසින් ඇපයක් ලෙස ලබා ගෙන ණය අනුමත කිරීම ද සිදු කරනු නොලබයි. වංචනික තැනැත්තන් විසින් කප්පම් ගැනීමේ උපායක් වශයෙන් කේවියට් තහනම් භාවිත කරන බව පෙනී ගොස් ඇති අතර, යම් ඉඩමකට අයිතියක්, හිමිකමක් හෝ භුක්තියක් නොමැති අයෙකු විසින් කේවියට් තහනමක් ගොනු කර එම තහනම ඉවත් කිරීම සඳහා විශාල මුදලක් ගැනීම මඟින් වංචනික ක්‍රියා සිදු කරන බව වාර්තා වී ඇත. එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා නීති කොමිෂන් සභාව විසින් යෝජනා කර ඇති පරිදි, ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය සිදු කිරීම සඳහාත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් කෙටුම්පත් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.