• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත්, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනත සංශෝධනය කිරීම
- වදහිංසාවලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත. එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට හැකි පමණින් දඩුවම් පැමිණවීමත් සිදු කළ යුතු වේ. එබැවින්, ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත්, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනතේ සඳහන් දඩ මුදල් වර්තමානයට ගැ‍ළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහාත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.