• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
- 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ ඇතුළත් ඇතැම් විධිවිධාන වර්තමාන ප්‍රවාහන පද්ධතියේ පවත්නා සංකීර්ණතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් එකී පනත සංශෝධනය කිරීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදසේ දීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.