• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තවදුරටත් පුළුල් කරමින් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස එහි කාර්යභාරය වැඩිදියුණු කිරීම පිණිස දැනට ක්‍රියාත්මක වන පනත පරිච්ඡින්න කොට නව පනතක් හඳුන්වා දීම සඳහා 2013 මාර්තු මස 01 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, එකී ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.