• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛවීය ද්‍රව්‍ය වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙද‍ාහදා ගැනීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය
- ජෛව විවිධත්වය අතින් ආසියාවේ ප්‍රමුඛතම රට වශයෙන් ශ්‍රී ලංකාව සැලකෙන අතර, සාරවත් වගුරු බිම්, වෙරළ තීරයන් හා සමුද්‍රීය ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් ලෙස ද ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට සහ ජෛව සොරකම හා ජෛව මංකොල්ලය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගනු ලැබ ඇතත් එවැනි ද්‍රව්‍ය අපහරණය කිරීම අඛණ්ඩව සිදු වන බව පෙනී ගොස් ඇත. තවද, වර්ගීකරණමය හඳුනාගැනීම් සඳහා රටින් පිටතට යවනු ලබන නිදර්ශක ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව නව නිෂ්පාදන සඳහා දියුණු රටවල් විසින් භාවිත කළහොත් මෙරටට ලබා ගත හැකි ප්‍රතිලාභ අහිමි වන බවද නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වයන්ට පිළියමක් වශයෙන් පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජෛවීය ද්‍රව්‍ය වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙද‍ාහදා ගැනීම පිළිබඳ විශේෂ කමිටුවේ මග පෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව සතු ජෛව සම්පත් සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා කෙටුම්පත් කර ඇති "ජෛවීය ද්‍රව්‍ය වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙද‍ාහදා ගැනීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය" සහ රාජ්‍ය ආයතන විසින් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.